ජුඩ් සමන්ත
නිතරම බීමතින් පැමිණ නැන්දම්මාට සහ බිරිදට පහරදීම ඉවසා සිටිය නොහැකි තැන මාමණ්ඩියට පිහියකින් පහර දී තුවාල සිදුකළ බව කියන බෑණා කෙනෙකුව අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.
පිහි පහර හේතුවෙන් තුවාල ලබා ඇති ආරච්චිකට්ටුව - පුංචි වෛරන්කට්ටුව පදිංචිකරුවෙකු වන සුනිල් සමන්ත (45) යන අය ප්‍රතිකාර සදහා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව හලාවත මහා රෝහලට මාරු කර යවා ඇත.
ඊයේ (19) රාත්‍රී මෙම සිද්ධිය සිදුවී ඇති බවත් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.