(දයාරත්න ඇඹෝගම)
ගලෙන්බිදුණුවැව මානන්කට්ටිය සාරානන්ද පාසලට දෙමළ, ගණිතය, විද්‍යාව, චිත්‍ර හා භූගෝලය විෂයන් සඳහා ගුරුවරුන් ලබාදෙන ලෙස ඉල්ලා සිසුහු සහ මව්පියවරු පිරිසක් කැකිරාව බී 133 මාර්ගය, අමුණුකුල හන්දියෙන් හරස් කරමින් පාසල ඉදිරිපිට අද(21) උද්ඝෝෂණයක නිරත වුහ.
මෙම පාසලේ පළමු ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා පංති 20ක් පැවැත්වෙන අතර මුළු සිසුන්ගේ සංඛ්‍යාව 150කි. එහෙත් එම සියලු පන්ති ආවරණය කිරීම සඳහා ලබා දී ඇත්තේ ගුරුවරුන් 6දෙනෙකු පමණක් බවට දෙමාපියෝ චෝදනා කළහ.
මෙම ගැටළුව පිළිබඳව පාසලේ විදුහල්පති ඇතුළු දෙමාපියන් වසරකට ආසන්න කාලයක් තිස්සේ අධ්‍යාපන බලධාරින් දැනුවත් කළද ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබු බව මව්පියවරු පවසති.
පැය හතරකට ආසන්න කාලයක් පැවති මෙම උද්ඝෝෂණය හේතුවෙන් මාර්ගයේ මනාගමනයට ද දැඩි බාධා එල්ලවුණි.
උද්ඝෝෂණය අතරතුර හොරොපොතාන සහකාර පොලිස් අධිකාරිවරයා ද එම ස්ථානයට පැමිණ අතර සිද්ධිය සම්බන්ධයෙන් දුරකතනය ඔස්සේ ගලෙන්බිදුණුවැව කලාප අධ්‍යක්ෂිකාව සම්බන්ධ කර ප්‍රශ්නය සමතයට පත් කිරීමට උත්සහ කළ අවස්ථාවේ දෙපිරිස අතර තරමක උණුසුම්කාරී තත්ත්වයක් ද ඇති විය. හෙට(22) දෙමාපියන් හා ගලෙන්බිදුණුවැව කලාප අධ්‍යක්ෂිකාව අතර සාකච්ඡාවක් පැවැත්වීම සඳහා අවස්ථාවක් ලබා දෙන බවට සහකාර පොලිස් අධිකාරිවරයා පොරොන්දුවීමත් සමග උද්ඝෝෂකයෝ විසිර ගියහ.
මේ සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගෙන් තොරතුරු විමසීම සඳහා එම කාර්යාලයට දුරකතන ඇමතුමක් ලබාගත්ත ද එහි සේවකයෙකු පවසා සිටියේ අධ්‍යක්ෂකවරිය මෙදින කාර්යාලයට නොපැමිණි බවය.