මාතලේ මහනගර සභාවේ අය වැය සම්මතයි



(රවින්ද්‍ර විරාජ්   අබයසිරි)


මාතලේ මහ නගර සභාවේ වැඩ බලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා විසින් 2021 වර්ෂය සදහා  ඊයේ (24) මාතලේ මහ නගර සභා රැස්විම් ශාලාවේදී  ඉදිරිපත් කරන ලද අයවැය එකමතිකව සම්මත කෙරුණි.

මාතලේ මහ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබුණු අතර එහි නගරාධිපති ලෙස කටයුතු කළ ඩල්ජිති අලුවිහාරේ මහතාව මධ්‍ය පළාත් අණ්ඩුකාරවරයා විසින්  සේවයෙන් පහ කිරිමත් සමග එහි වැඩ බලන නගරාධිපති ලෙස කටයුතු කළ සන්දනම් ප්‍රකාශ් මහතා (ශ්‍රිලනිප)විසින් අයවැය ඉදිරිපත්  කළේය.

 රුපියල්  මිලියන 472.4 ක පුනරාවර්තතන  ආදායමක්  සහ රුපියල්  මිලියන  383.03  ක   වියදමක්   සහිතව  මෙවර  අය  - වැය  ඉදිරිපත්කර  තිබුණි.විපක්ෂ නායක පාලිත ජයසේකර මහතා  (ශ්‍රිලපොපෙ)එකමතිකව අයවැය සම්මත කිරිමට ගෙන ආ යෝජනාව එක්කමතිකව සම්මත කෙරුණි

පොදු පෙරමුණ නාගරික  මන්ත්‍රී ජයරත්න  ලියනගොඩ  මහතා  අය  වැය  සම්මත  කිරීමේ  මෙම  රැස්වීමට  පැමිණ  සිටියේ  නැත .  ,