මාතලේ ගලේවෙල පෞද්ගලික බස් වර්ජනයක්


(මොහොමඩ්  බුහාර්ඩ්න්)
 
මාතලේ - ගලේවෙල  පෞද්ගලික බස් රථ රියදුරන් හා සහයකයින් අද (30) සිය ධාවන කටයුතු වලින් ඉවත් වී වර්ජනයක නිරතව සිටිති.
 

මධ්‍යම පළාත් ප‍්‍රවාහන අධිකාරියේ වේලා සටහන්කරුවෙකු පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකුට පහරදිමේ සිද්ධියක් සම්බන්ධයෙන්  ඇති වු ගැටළුවක් මත මෙම වර්ජනය අරඹා තිබේ.
 
අද (30)  උදෑසන 7 ආරම්භ කළ මෙම වැඩවර්ජනය  හේතුවෙන්  නිසි වෙලාවට බස් රථ නොමැතිවිම නිසා  මාදිපොල හා අකුරම්බොඩ මාර්ග වල ගමන් කරන මගින් දැඩි අපහසුතාවයට පත් විය.
 
බස් රථ සේවකයින් කියා සිටින්නේ මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ප‍්‍රවාහන අධිකාරිය බලධාරින් දැනුවත් කර ඇති නමුත් මෙම ගැටලූවට විසඳුමක් මේ වනතුරුත් ලැබි නොමැති බවත් තම ඉල්ලිම් වලට සාධාරණය ඉටුවන තුරු අඛණ්ඩ වර්ජනයේ නිරතව වන බවත් ඔවුහු පැවසූහ.
 
මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ප‍්‍රවාහන අධිකාරියේ සභාපති චින්තක ඒකනායක මහතාගෙන්  කළ විමසීමකදී  කියා සිටියේ  මෙම ගැටළුවට සම්බන්ධ බස් රථ සේවකයින්  හා අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා  කර විසදුමක් ලබා දෙන බවයි.