(මහේෂ් කිර්තිරත්න)
මාතලේ බලකඩුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවක් සහ පුද්ගලයකු අද (09) අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මෙම ස්ථානය වටලා අදාල සැකකාරිය සහ සැකකරු අත්අංඩගුවට ගත් බවත් මෙම ස්ථානය සම්භාහන ස්ථානයක් ලෙස කළක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවත් ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේදි ගංජා මිලිගෑම් 860ක් ද තිබූ බවත් සැකකාරිය කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් අදාළ සැකකරු සහ සැකකාරිය මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයට හෙට (10) ඉදිරිපත් කිරිමට නියමිත බවත් පොලිසිය පැවසීය.