මාතලේ උප නගරාධිපති ධූරයට මන්ත්‍රී අයි.එන්.ඉන්ද්‍රරත්න


(මහේෂ් කිර්තිරත්න)

 

මාතලේ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධූරය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නාගරික මන්ත්‍රී අයි.එන්.ඉන්ද්‍රරත්න මහතා අද (16)  තේරි පත් විය.

මාතලේ මහ නගර සභාවේ නියෝජ්‍ය  නගරාධිපති තෝරා පත් කර ගැනිම සදහා මධ්‍යම පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන කොමසාරිස් එම්.එම්.යු බි හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ මහ නගර සභා රැස්විම් ශාලාවේ දී  ඡන්ද විමසිම පැවැත්විණි.

නියෝජ්‍ය නගරාධිපති ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නාගරික මන්ත්‍රී අයි.එන්.ඉන්ද්‍රරත්න මහතාගේ නම නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා යෝජනා කළ අතර පොදුජන පෙරමුණු මන්ත්‍රී රන්දික විරසිංහ මහතා ස්ථිර කළ අතර එක්සත් ජාතික පක්ෂයේ කේ.ජි.ආර්.එම්. සෆරුල්ලා මහතා‍ගේ නම එම්,සෆරුල්ලා මහතා නම යෝජනා කළ අතර මන්ත්‍රි ආනාස් රියාල් මහතා ස්ථිර කළේය.

ඡන්ද විමසිම විවෘත ඡන්දයක් ලෙස පැවති අතර එහිදී ඉන්ද්‍රරත්න මහතා ඡන්ද 10ක් ලබා ගත් අතර  කේ.ජි.ආර්.එම්. සෆරුල්ලා මහතා ඡන්ද හතරක් ලබා ගත් අතර මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

මෙම ඡන්ද විමසිම සදහා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රි මොහොමඩ් නිලාෆ්,එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වන තුෂාර ප්‍රනාන්දු,නිශාන්ති සෙනවිරත්න,ස්ටෙෆාන් බෙරෙන්ජර් යන මහත්වරුන් සහභාගී වී නොසිටියහ.