මාතර-හම්බන්තොට අධිවේගී මඟ ඉදිකළ යුතු නැති ව්‍යාපෘතියක්



 
 
 
(අංජුල මහීක වීරරත්න)
 
මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයේ ඉදි කිරීම තව වසර 4 කින් වත් ක්‍රියාත්මක කළ යුතු නැති ව්‍යාපෘතියක් යැයි රජයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ.


මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගය අවශ්‍ය වන්නේ හම්බන්තොට වරාය මුල්කර ගනිමින් කර්මාන්තපුරය ආරම්භ වී එහි ධාරිතාව උපරිමයෙන් ක්‍රියාත්මක වෙතැයි අපේක්ෂා කරන 2022 වර්ෂයේදී යැයි රජයට ඉදිරිපත් වී ඇති වාර්තාවේ සඳහන්ය.


මාතර  හම්බන්තොට අධිවේගී මාර්ගයට ප්‍රථම කොළඹ - නුවර හා කොළඹ - මිණිපුර අධිවේගී මාර්ග ඉදිකිරීම ප්‍රයෝජනවත් යැයි ද රජයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.


රාජපක්ෂ පාලනය විසින් ප්‍රමුඛතා හඳුනා ගැනීමකින් තොරව අති විශාල ධනස්කන්ධයක් වැයකර මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගය ඉදිකිරීමට පටන් ගැනීම හේතුවෙන් ප්‍රමුඛස්ථානය දිය යුතු අධිවේගී මාර්ගය වෙනුවට මාතර හම්බන්තොට මාර්ගය ඉදිකිරීම අධික මුදලක් වැය කිරීමට සිදුව ඇතැයි ද රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.


රාජපක්ෂ ණයත් ගෙවමින් මහනුවර - කොළඹ අධිවේගී මාර්ගය නියමිත කාලයට ඉදිකර අවසන් කරන බවද සභානායකවරයා සඳහන් කළේය.