(නවරත්න සමරතුංග)
උහන, මාකණ්ඩිය පුරන් වූ වෙල් යාය අසළ අනතුරට පත්වූ අලියෙකු අද (10) උදෑසන දිය කඩිත්තක වැටී සිටියදී සොයාගත් බව අම්පාර වනජීවී කාර්යාලය පවසයි.
මෙම අලියා තවත් අලියෙකු සමඟ ගැටුමක් ඇතිකරගෙන ඇති බව ගම්වාසීහු වනජීවී නිලධාරීන්ට පැවසූහ.
එමගැටුම හේතුවෙන් අලියාගේ එක් පාදයකට තුවාල සිදුවී ඇති බව වනජීවී නිලධාරීහූ පවසති.
වැටී සිටි අලියාට ප‍්‍රතිකාර ලබාදීම සඳහා අම්පාර අඩවි වන කාර්යාලයේ නිලධාරීන් හා වනජීවී සෞඛ්‍ය කළමනාකරන ඒකකයේ පශුවෛද්‍ය නිලධාරී නිහාල් පුෂ්පකුමාර මහතා ඇතුළු නියාමක පිරිසක් මාකණ්ඩිය බලා ගොස් මෙම අලියාට ප‍්‍රතිකාර කළහ.