වාර්ෂිකව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙහෙයවන සමස්ථ ලංකා නාට්‍ය හා රංග කළා උළෙලේ නොකඩවා 11වන වතාවටත් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය ඉදිරිපත් කල නාට්‍යය සමත් වී තිබේ.
හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිශ්පාදනය, හොඳම රංග වින්‍යාසය, හොඳම නළුවා පළමුවන හා දෙවන ස්ථාන හා රඟපෑම් වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මාන තුනක් මෙම නාට්‍යයට හිමි වී ඇත.
මෙලෙස ඇගයීමට පාත්‍ර වී ඇත්තේ “දේශීය නාට්‍යයකරුවා“ තරඟ අංශය යටතේ පරාක්‍රම නිරිඇල්ල නාට්‍ය නිර්මාණයක් වන “චරන්දාස්“ නාට්‍යය ඇසුරින් මහින්ද විද්‍යාලයෙන් ඉදිරිපත් කළ නිර්මාණයයි. පාසලේ වන රණසිංහ අධිකාරී රේණුකා වන්නිආරච්චි යන නාට්‍ය ආචාර්යවරු නාට්‍ය ජයග්‍රහනය සඳහා දායක වූහ.