හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතා අසූමහා ශ්‍රාවක බෝධි පූජාවක් අද සවස නාරාහේන්පිට අභයාරාමයේ දී පැවැත්විණි.
බෝධිපූජා පිංකම මෙහෙයවන ලද්දේ උවළවේ ජිනසිරි හිමියන් විසිනි. මෙම අවස්ථාවට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු හිමිවරු කිහිප දෙනකු ද දායක සභාවේ සාමාජික සාමාජිකයෝ ද සහභාගී වී සිටියහ.





