මහාධිකරණ නඩු ගබඩාවෙන් පිස්තෝලයක් සොරාගනියි


(බදුල්ලේ පාලිත ආරියවංශ)

නඩු භාණ්ඩයක් ලෙස  බදුල්ල මහාධිකරණ නඩු ගබඩාවේ තැන්පත් කර තිබූ විදේශ රට නිපදවන ලද මයි‍ක්‍රෝ වර්ගයේ පිස්තෝලයක්  නඩු භාණ්ඩ ගබඩාවෙන් සොරකම් කර විකිණීමට  සූදානම්ව තිබියදී බදුල්ල පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ සේවකයෙක් හා තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මේ පිස්තෝලය 2015 වසරේදි එල්.ටී.ටී.ඊ සැකකරුවෙක් සමග බදුල්ලේදී අත්අඩංගුවට ගත් පිස්තෝලයක්  බව හඳුනාගෙන තිබේ.