මහවැස්සෙන් මඩකලපුවේ කුඹුරු අක්කර 14,000ක් විනාශයි


(ටී. එල්. ජව්ෆර්කාන්)

මඩකලපුව  දිස්ත්‍රික්කයේ පසුගිය දින  කීපයක් ඇදහැලුනු  වර්ෂාව නිසා  මහකන්නයේ වගාකළ  අක්කර 14000 ක කුඹුරු  ජලයෙන් යටවී  විනාශවී ඇතැයි මඩකලපුව දිස්ත්‍රික් ගොවි ජන සේවා  දෙපාර්තමේන්තුවේ  සහකාර  කොමසාරිස්  කේ. ජෙගනාදන් මහතා පවසයි.

මෝසම් වැසි හේතුවෙන්  ගොවීන් 4944 කගේ කුඹුරු අක්කර 13568ක්  කුඹුරු ජලයෙන් යටවී  හානිවී ඇත.  

ඒ අනුව  කලුවන්චිකුඩි  ගොවිජන සේවා කේන්ද්‍රයට අයත්  ගොවින් 158 දෙනකුගේ  අක්කර 308ක්,  කොක්කටිච්චෝලයි  ගොවිජන කේන්ද්‍ර මධ්‍යස්ථානයට අයත් ගොවින් 443 දෙනකුගේ  අක්කර 1400.5 ක්, වෙල්ලාවේලි ගොවිජන කේන්ද්‍ර මධ්‍යස්ථානයට අයත්  ගොවින් 6 දෙනකුගේ අක්කර  15ක්, පලුකාම් ගොවිජන කේන්ද්‍ර මධ්‍යස්ථානයටඅයත් ගොවින් 94 දෙනකුගේ අක්කර 238.25 කුත්, ආරයන්පති ගොවිජන කේන්ද්‍ර මධ්‍යස්ථානයටඅයත් බෝවින් 61 දෙනකුගේ  අක්කර 149.5 කුත්,  කල්ලඩි ගොවිජන කේන්ද්‍ර මධ්‍යස්ථානයට අයත් ගොවින් 137 දෙනකුගේ අක්කර 510.5 කුත්,  මන්ඩපහත්තඩි ගොවිජන කේන්ද්‍ර මධ්‍යස්තනයට අයත් ගොවි 1094 දෙනකුගේ  අක්කර 3615.5 කුත්  ජලයෙන් යටවී ඇත.