( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ කුඩාවැව වෙල්යාය හරහා ගලා බසින කඩුපිටිඔයේ වම්ඉවුර කැඩීයාමේ තර්ජනයට ලක්ව තිබේ.
මෙම ස්ථානයේ බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් විශාල හානියක් සිදුවීමට ඉඩ ඇති බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.
කඩුපිටිඔයෙන් ගලා යන ජලය යොදා ගනිමින් අක්කර 220 ක් පෝෂණ කරන නමුත් මෙම ඔයේ බැම්ම කැඩි යාම සිදුවුවහොත් කුඹුරු වගා කිරිමට නොහැකි වන බව ගොවිහු කියති.
පවතින වර්ෂාවත් සමඟ කඩුපිටිඔය පිටාර මට්ටමේ පවතීන අතර මේ හේතුවෙන් වම්ඉවුර එම ස්ථානයෙන් මිටර් කිපයක් කැඩී ගොස් ජලය කාන්දුවීමක් සිදුවන බවද ගොවීහු කියති.