(ශාන්ත ප්‍රදීප් කුලරත්න)
මහරගම පමුණුව ප්‍රදේශයේ පිහිටා ඇති ගෆූරියා අරාබි පාසල වහාම එම ස්ථානයෙන් ඉවත්කරන්නැයි ඉල්ලා ‘අන්තවාදයට එරෙහි මහරගම අපි’ සංවිධානය ආරම්භ කළ උද්ඝෝෂණයක් එම පාසල ඉදිරිපිටදී අද(26) පැවැත්විණි.
මෙම පාසැල තුළ ශරියා ඉගැන්වීම් සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බවත්, තවදුරටත් මෙම පාසල පැවතුණහොත් ලක්ෂ ගණනක් ජනතාව ගැවසෙන මහරගම නගරය දැඩි අවධානම් තත්ත්වයකට ලක්වන බවත්, පාසැල වහාම ඉවත් කරන ලෙසත් ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
මෙම අවස්ථාවේදී අරාබි පාසැලට ඇතුළු වන ප්‍රධාන ගේට්ටුව අවහිර වන ලෙස පොලිස් ජීප් රථ නවතා පොලිස් නිලධාරීහු රැඳී සිටියහ.
විරෝධතාව හේතුවෙන් මහරගම නව රෝහල මාර්ගයේ පැයක පමණ රථ වාහන තදබදයක් පැවැතිණි.