(ඩි.ජී.සුගතපාල)
ගාල්ල මහමෝදර කලපුවේ මිතුරන් සමඟ දිය නෑමට ගිය පුද්ගලයෙකු අද (29) දියේ ගිලි මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මහමෝදර පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙකි.
ඔහු තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ අද සවස කලපුවේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී මියගිය පුද්ගලයා දියේ ගිලි අතුරුදහන්ව ඇත.
පසුව ප්‍රදේශවාසින් සහ කිමිදුම්කරුවන් එක්ව පැයකට පමණ පසු සිරුර සොයාගෙන මහමෝදර රෝහලට ගෙන ගොස් ඇති බවත් ඒ වනවිටක් එම පුද්ගලයා මියගොස් ඇති බව වෛද්‍යවරු පැවසූ බවත් ගාල්ල පොලිසිය පවසයි.
පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (30) කරාපිටිය රෝහලේදී පැවැත්විමට නියමිතය.