(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි. ඒ. එස්. වීරවංශ)
බදුල්ල කොළඹ ප්‍රධාන පාරට කසළ බැහැර කළ සිව් දෙනෙකු සහ ඩෙංගු මදුරුවන් බෝකරන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන් 10 දෙනෙකුට රුපියල් 27,000ක දඩ මුදලක් ගෙවන ලෙස බළන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (21) නියම කළේය.
බළන්ගොඩ පොලීසියේ දිස්ත්‍රික් පරිසර ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්‍ෂක ජී.එම්. ජයසූරිය මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම සැකකරුවෝ බළන්ගොඩ සහ ඕපනායක ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මාර්ග පරීක්‍ෂාවේ සිටියදී මාර්ගයට කසළ බැහැර කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර තිබුණි. නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටිමින් ඔවුන් වරද පිළිගත් අතර එක් පුද්ගලයෙකුට රුපියල් 3,000 සැකකරුවන් සිව් දෙනාට රුපියල් 12,000ක දඩයක් නියම විය.
තම නිවාස අවට ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යාම සම්බන්‍ධයෙනක් චෝදනා ලැබූවන්ට එක් පුද්ගලයෙකුට රුපියල් 1,500 බැගින් රුපියල් 15,000ක දඩයක් නියම විය.