(මොහොමඩ් ආසික්)
මහනුවර දිස්ත්‍රික්කය තුල පවතින අධික වර්ෂාව සහිත කාල ගුණ තත්ත්වය හේතුවෙන් අද 24 සවස් වන විට දිස්ත්‍රික්කයේ පීඩාවට පත් වූ සංඛ්‍යාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 14 ක පවුල් 346 කට අයත් පුද්ගලයින් 1530 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
එයින් ආරක්ෂිත ස්ථාන දෙකක පවුල් 20 කට අයත් පුද්ගලයින් 88 දෙනෙකු තව දුරටත් රැඳී සිටන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා කීවේය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත් සඳහන් කළේ ආපදා තත්ත්වයන් හේතුවෙන් නිවාස 109 කට කට හානි වී ඇති බවයි. එයින් නිවාස තුනකට පූර්ණ හානි සිදුව ඇති බවත් තවත් නිවාස 106 කට අර්ධ හානි සිදුව ඇති බවත් ඔහු කීවේය.