මහ වැස්සෙන් උඩුබද්දාවේ පවුල් 80ක් පීඩාවට



 
හේමලතා ඞී හේවගේ     
 
පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩුබද්දාව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන කිහිපයක නිවෙස් ජලයෙන් යටවීමෙන්  එහි වෙසෙන පවුල් අසූවක් පමණ  පීඩාවට පත්ව ඇතැයි අපදා කළමනාකරණ බලධරයෝ කියති.
 
දුම්මලසූරිය, මැඳගොඩ,  යගම්වෙල,  කරදාවිල,  කොවුල්වැව සහ ඇතුන්ගහකොටුව යන ගම්මාන වල  ජනතාව මෙලෙස ජල ගැල්මෙන් පීඩාවට පත්ව සිටිති. 
 
විශේෂ සහන බෝට්ටු සේවාවන් මගින් අවතැත් වූවන්ගෙන් කොටසක් කට්ටිමහන දේවස්ථානය වෙත රැගෙන අයුරු දැක ගත හැකි විය.