(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ලෙනදොර ප්‍රදේශයට ( 26) ඊයේ රාත්‍රියේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ ගණනාවක්ම ජලයෙන් යටවී දඹුල්ල ලෙනදොර ප්‍රාදේශීය රෝහල ද සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවී ඇතැයි වෛද්‍යවරු පවසති.
ලෙනදොර ප්‍රාදේශ රෝහල ජලයෙන් යටවීම හේතුවෙන් එහි ඖෂධ රැසක් මෙන්ම විදුලි උපකරණ රැසකට ද හානි සිදුවී ඇතැයි රෝහල් සේවකයෝ පවසති.
ජල ගැලීම හේතුවෙන් රෝහලේ පිරිසිදු කිරීම් කටයුතු අද ( 27) පෙරවරුවේ රෝහල් සේවකයන් විසින් සිදු කරනු ලැබූහ.
රෝහල් සේවකයන් කියා සිටියේ අධික වර්ෂාවත් සමඟ අවස්ථා ගණනාවකදීම මෙම රෝහල මේ අයුරින් ජලයෙන් යටවන බවය.
මෙම වර්ෂාව හේතුවෙන් දඹුල්ල පන්නම්පිටිය ගලේවෙල යටිගල්පොත්ත සිල්වත් ගම ප්‍රදේශ කිහිපයක් ම ජලයෙන් යටව පවතින බව ප්‍රදේශවාසීහු පවසති.