මහ මැතිවරණයක් ඉල්ලා දඹුල්ලේ විරෝධතාවක්


                                          
කාංචන කුමාර ආරියදාස           

                      
කතානායක කරු ජයසූරිය මහතාට එරෙහිව සහ නව පාර්ලිමේන්තු මහ මැතිවරණයක් අවැසි බව ඉල්ලමින් දඹුල්ල  ප්‍රදේශයේදී  අද(23) විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.                                          

දඹුල්ල නගරාධිපති ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.            

මෙහිදී දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියා සිටියේ නව රජය කොපමණ බාධක ආවත් ඉදිරියට පවත්වාගෙන යන බවත්  මහමැතිවරණයකට ඉඩසලසා දීම සිදු කළ යුතු බවය.                                          

දඹුල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති සමීර ජයසේකර මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව දෙස බැලීමටවත් නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බවත් එම තත්වයට වග කිව යුත්තේ කතානායක කරු ජයසූරිය මහතා බවත්ය. රටට සහ ජනතාවට වගකියන නව ආණ්ඩුවක් පත්කරගැනීම සඳහා අවශ්‍ය බව හෙතෙම සඳහන් කළේ ය.