සුමතිපාල දීයගහගේ
ඉමදූව දික්කුඹුර ප්‍රදේශයේ නිවසක් කොල්ලාකෑමට අද ( 3) දවල් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ නිවැසියන් අතර ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ කොල්ලාකරුවෙකු සහ එම නිවසේ පදිංචිකරු , ඔහුගේ පුතෙකු සහ දුවෙකු කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලුකර ඇතැයි ඉමදුව පොලිසිය පවසයි.
මුහුණු ආවරණයකර ගෙන නිවසට ඇතුලුවූ කොල්ලාකරුවන් දෙදෙනා පිහියක් පෙන්නා නිවස කොල්ලාකෑමට උත්සාහ කරන විට නිවැසියන් සහ කොල්ලාකරුවන් අතර පොර බැදීමක් සිදුවී ඇත.
එම අවස්ථාවේ කොල්ලාකරුවන් පහරදීමෙන් නිවසේ අයිතිකරුත් ඔහුගේ පුතෙකු සහ දුවකුත් කැපුම් තුවාල ලබා ඇත. මේ අතර නිවැසියන් සහ අසල්වාසින් එක්ව පහරදිමෙන් තුවාල ලැබූ කොල්ලාකරුවෙකුද රෝහලට ඇතුලුකර ඇත.
නිවසේ ගැටුම සිදුවන අවස්ථාවේ අනිත් කොල්ලාකරුවා පලා ගොස් ඇති බවද පොලිසිය පැවසිය.