මසුන් මැරීමට ගොස් වැවේ ගිලුණු දෙදරු පියාගේ සිරුර හමුවෙයි


 (ඔගස්ටින් ප්‍රනාන්දු)         
 
පල්ලම කටුපොත වැවේ මසුන් මරීමට ගොස් අතුරුදහන්ව සිටි සිව් දරු පියෙකුගේ මෘත ශරීරය එම වැවේ ගිලී තිබි දි අද ( 25) දහවල් සොයා ගත හැකි වු බව පල්ලම පොලිසිය කියයි.
 
මිය  ගොස් ඇත්තේ  පල්ලම කටුපො ත ජීවත් වු  කඩුපිටිගේ සුනිල් ආරියසිංහ ( 62 ) නමැති සිව් දරු පියෙකි.
 
මිය ගිය  පුද්ගලයා ඊයේ ( 24 ) පස්වරු පහට පමණ සිය නිවසින් පිටව ගොස් තිබු අතර රාත්‍රී 10 වන තුරුම ඔහු පිළිබදව සොයා බලා පසුව අද ( 25 ) උදේ සිට  සිට යළි  සෙවිමේ කටයුතු ආරම්භ කර තිබේ.
 
පසුව කටුපොත වැව අසල පාපැදියක් තිබි ඒ පිළිබදව සොයා බලන අවස්ථාවේ  දී වැවේ දැළක් පාවෙමින් තිබෙනු  දැක ඒ පිළිබඳව විමසිලිමත්වෙද්දි මෙම සිරුර හමු වී  ඇත.