මසුන් අල්ලන්න ගිය පුද්ගලයාගේ සිරුර වැව අසළ


(  සිතුම් චතුරංග)

වවුනියාව, ඉරට්ටපෙරියකුලම වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් වැව ආසන්නයේ තිබී සොයාගත් බව ඉරට්ටපෙරියකුලම පොලිසිය පවසයි.‍    

පිරිසක් සමඟ ඊයේ(4 ) සවස මසුන් ඇල්ලීමට ගොස් ඇති මියගිය පුද්ගලයා නැවත නිවසට නොපැමිණිම හේතුවෙන් නිවැසියන් සිදුකළ සොයා බැලීමකදී වැව ආසන්නයේ තිබූ  එම පුද්ගලයාගේ සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය.

 එලෙස මියගොස් ඇත්තේ වවුනියාව,මදුරානගර් ප්‍රදේශයේ පදිංචි එස්.සෙල්වරාසා නමැති 61 හැවිරිදි පුද්ගලයකු වේ.

 පොලිසිය පැවසූයේ එම පුද්ගලයා මියගියේ කෙසේද යන්න මෙතෙක් අනාවරණයවී නොමැති බවත් මියගිය පුද්ගලයා කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් තිබේද නැතිනම් වෙනත් කාරණාවක්ද යන්න විමර්ශන සිදුකරන බවත්ය.

මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා සිරුර වවුනියාව මහ රෝහල වෙත රැගෙනයනු ලැබීය.ඉරට්ටපෙරියකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.