(ශාන්ත ප්‍රදීප් කුමාර)
ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ පළමු ශ්‍රේණියට 2019 වසරේදී සිසුවියන් සිව්දෙනෙකු ඇතුළුත් කර නොගැනීමෙන් තමන්ට බලවත් අසාධාරණයක් වූ බව පවසමින් එම සිසුවියන්ගේ මා පියන් ඇතුළු පිරිසක් තෙවන වරටත් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (25) උද්ඝෝෂණයක් පැවැත්විණි.
පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණය අසල සිට විරෝධතා පාඨ කියමින් පෙළපාලියකින් අධ්‍යාපාන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ විරෝධතාකරුවෝ පොලිසියේ අණ නොතකා අමාත්‍යාංශය ගේට්ටුව කඩා ඇතුල්වීමට උත්සහ කළ අතර එහිදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හට ගැණිනි.
පොලිසිය මැදිහත්වී අසාධාරණයට ලක්වූ මා පියන් සිව්දෙනා ඇතුළු හය දෙනෙකුට ඇමැතිවරයාගේ ලේකම්වරයෙකු හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දුන් අතර එහිදී සිසුවියන් සිව්දෙනා ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට පියවර ගෙන තිබුණි.
ඒ පිළිබඳව ලිඛිත අවසරය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මා පියන්ට ලබා දී තිබුණි.
මෙම විරෝධතාවය අතර තුරදී පොලිස් නිලධාරියෙකු සිවිල් ඇඳුමින් සැරසී ඡායාරූප ගත් බව පවසමින් විරෝධතාකරුවෝ ඔහුට පහරදී කැමරුව උදුරාගත් ගැනීමට උත්සහ කළ අතර පොලිසිය මැදිහත්වී කලහකාරී ලෙස හැසිරුණ පිරිස විසුරුවැ හැරීහට කටයුතු කළහ.
පොලිස් කැරලි මර්ධන ඒකකය සහ ජල ප්‍රහාරක බවුසර් විරෝධතාව පැවැත්වෙන අවස්ථාවේ දී ඒ අසලට කැඳවා තිබුණි.