(ඩයනා උදයංගනී)
නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ රුපියල් මිලියන 18ක ප‍්‍රතිපාදන මගින් මල්වාන, වල්ගම ප‍්‍රදේශයේ ඉදිකෙරෙන කොන්ක‍්‍රීට් කාණු පද්ධතිය එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.ඞී.එම් නෆීල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් නිලධාරි කණ්ඩායමක් විසින් පසුගියදා නිරීක්‍ෂණය කළ අතර එම කාණු පද්ධතියේ සමහර ස්ථානවල කාන්දුවීම් පවතින බව ද එහිදී නිරීක්‍ෂණය වූ බව එම අමාත්‍යාංශය පවසයි.
දැනට සම්පූර්ණ කර ඇති එම කොන්ක‍්‍රීට් කාණුවල සමහර ස්ථානයන්හි දක්නට ඇති මෙම කාන්දුවීම් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ලේකම් දැනුවත් කර ඒ මාර්ගයෙන් කොන්ත‍්‍රාත්කරු ලවා පිළිසකර කරවීමට පියවර ගන්නා බව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නෆීල් මහතා පැවසීය.
මෙම ව්‍යාපෘතිය නගර සැලසුම් හා ජල සම්පාදන හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කරන ලද්දකි.
ශ්‍රී ලංකාවේ දෙවෙනි විශාලතම අයෝජන ප‍්‍රවර්ධන කලාපය වන බියගම නිදහස් වෙළද කලාප ප‍්‍රදේශයට සහ මල්වාන ප‍්‍රදේශයේ වල්ගම, වැකන්ද මල්වත්ත සහ කන්දවත්ත යන ගම්මානවලට පවතින වැසි ජලය කැළණි ගඟට ගෙනයාමේ මාර්ගයේ කොටසක් ද මෙම ව්‍යාපෘතියෙන් සංවර්ධනය කෙරෙන බව ද අතිරේක ලේකම්වරයා කීවේය.
අමාත්‍යාංශ ලේකම් වසන්ත හපුආරච්චි මහතා උපදෙස් අනුව මෙම කාණු පද්ධතිය නිරික්ෂණ කටයුත්ත සිදුකර ඇති අතර අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ දමිත් නල්ලප්පෙරුම මහතාද එම අවස්ථාවට එක්ව තිබේ.