මල්වතුඔය ප‍්‍රතිසංස්කරණය ඇරඹෙයි


මල්වතු ඔය ප‍්‍රතිසංස්කරණ විශේෂ වාරි ව්‍යාපෘතියේ දෙවැනි අදියර අනුරාධපුර ජර්මන් පාලම අසලදී කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

අනුරාධපුර දැඩි වර්ෂාවත් සමඟ මල්වතු ඔය ආශ‍්‍රිතව ඇතිවන ගංවතුර තත්වය පාලනය කිරීම හා මල්වතුඔය වැඩිදියුණු කර මහජන පීඩාවන් අවම කිරීම ව්‍යාපෘතියෙහි අරමුණය. 
 
ජර්මන් පාලම අසල සිට කොහොඹ ගස් හංදිය ගල්කඩවල අමුණ දක්වා කිලෝමීටර් අටක් ප‍්‍රතිසංසකරණය සිදුකරන අතර රජය මේ සඳහා රුපියල් මිලියන 10ක් වැය කරනු ලබයි.
 
ව්‍යාපෘතිය ආරම්භය සඳහා ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙන්ම කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී විය.
 

(28535)