සුමතිපාල දීයගහගේ
ඝාතනය කරන ලද කිඹුලෙකුගේ හිස කොටස අහංගම තිත්තගල්ල ප්‍රදේශයේදී කොග්ගල කලපුවේ පාවෙමින් තිබියදී අද (21) සොයා ගත් බව අහංගම පොලිසිය පවසයි.
දින තුනකට පමණ පෙර කිසියම් පිරිසක් විසින් මෙම කිඹුලා ඝාතනය කර හිස කදෙන් වෙන් කර කිඹුලාගේ මස් රැගෙන යන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
ඝාතනය කර ඇති කිඹුලා අඩි දහයක් පමණ දිග ඇති බව වනජීවි දෙපාර්තමේන්තුවේ දොඩන්දූව වන සත්ව අඩවි කලාප නිලධාරි ඩබ්ලිව් ඒ එස් නිශාන්ත මහතා පැවසීය.
කිඹුලාගේ හිස අහංගම පොලිසිය විසින් වනජීවි නිලධාරින්ට බාර දෙනු ලැබීය.