මන්නාරම් මඩු රක්ෂිතයේ දැව ජාවාරමක්


 

 

(රොමේෂ් මධුෂංක)

මන්නාරම් මඩු මුල්ලිකුලම් රක්ෂිතයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මහපරිමාණ දැව ජාවාරමක්  වටලා  බුරුත පැටවු කැබිරථයක් අත්අඩංගුවට ගෙන ඇති අතර  ජාවාරම්කරුවන් සොයා පරීක්ෂණ අරඹා ඇතැයි  මඩු අඩවිවන කාර්යාලය පවසයි.

අද (21) අලුයම මඩු අඩිවි වන නිලධාරීන් හා පූවර්සන්කුලම් පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.

මඩු අඩවි වන කාර්යාලයට හා පූවර්සන්කුලම් පොලිස් විශේස කාර්ය බලකා නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව මඩු මුල්ලිකුලම් රක්ෂිතයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී මුල්ලිකුලම් රක්ෂිතයෙන් කපා ඉරාගන්නා ලද බුරුත දැව තොගයක් පටවන ලද මෙම කැබ් රිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් පලා ගොස් ඇත.

අත්අඩංගුවට ගත් කැබ් රථය හා දැව තොගය මඩු අඩවි වනකාර්යාලයට රැගෙනවිත් ඇති අතර කැබ් රථයේ  හිමිකරු සහ ජාවාරම් කරුවන්  අත්අඩංගුවට ගැනීම්ට පියවර ගෙන ඇති බවට මඩු අඩවිවන නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.