අනීෂා මානගේ
මත්ස්‍යයින් ප්‍රවාහනය කරන මුවාවෙන් ලොරි රථයක් තුළ තේක්ක දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ දී තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මිද්දෙණිය ජූලම්පිටිය ප්‍රදේශයේ සිට ගාල්ල දක්වා මෙම දැව තොගය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මත්ස්‍යයින් ප්‍රවාහනය කරන මුවාවෙන් ලොරි රථය තුළ දැව පටවා පසුපස දොර අසලින් මත්ස්‍යයින් ගබඩා කිරීමට යොදාගන්නා පෙට්ටි අසුරා දැව තොගය ආවරණය කර ප්‍රවාහනය කර ඇත. හොදින් වැඩුණු තේක්ක දැව 34 ක් මෙම ලොරියෙහි තිබී සොයාගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් ජූලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.