(තරංග ගුණරත්න)
මත්ද්‍රව්‍ය වලින් තොර වැලිගම පුරවරයක් මැයෙන් සංවිධානය කළ පා ගමනක් අද (24) වැලිගම නගරයේදී පැවැත්විණි.
මෙම පාගමන සඳහා වැලිගම ප්‍රාදේශීය ලේකම් සුමිත් ශාන්ත, මාතර සහකාර පොලිස් අධිකාරී උදය කුමාර ,වැලිගම දිසා රෝහලේ වෛද්‍ය පියසිරි, වැලිගම පොලිස් ස්ථානාධිපති එච්.එම් ජයතිලක යන මහත්වරු , වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු , වැලිගම පාසල් දරුවන් සහ සිවිල් සංවිධාන කිහිපයක සමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම පා ගමන වැලිගම කඩේවත්ත ප්‍රදේශයේ සිට ප්‍රධාන මාර්ගය ඔස්සේ වැලිගම නගර දක්වා ගමන්කර ඉන් අනතුරුව වැලිගම අර්ෆා මහ විද්‍යාලය දක්වා ගමන් කර කෙටි ජන හමුවක් පවත් වා පා ගමන අවසන් කරන ලදී.