(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මදුරන්කුලිය කන්ද තොඩුවාව ප්‍රදේශයේ පුද්ගලයෙකුට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පහර දී ඇති අතර පහරකෑමට ලක්වූ පුද්ගලයා බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව උඩප්පුව පොලිසිය පැවසීය.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ මදුරන්කුලිය කන්දතොඩුවාව ප්‍රදේශයේ පදිංචි සාගර සිල්වා නැමති 48 හැවිරිදි තිදරු පියෙකි.
පහර කෑමට ලක්වූ තැනැත්තා කන්දතොඩුවාව ගම්මානයේ නීති විරෝධි කේරළ ගංජා ජාවාරමක් පවත්වාගෙන යන පිරිසක් සම්බන්ධව පොලිසියට තොරතුරු ලබා දීමෙන් පසුව ජාවාරම්කරුවන් විසින් මෙම පුද්ගලයාට පහර දී ඇති බව පොලිසිය පැවසීය.
පහර දීමට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට ගත් බවත් තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනිමට පොලිස් නිලධාරීන් යොදවා ඇති බවත් උඩප්පුව පොලිසිය පැවසීය.
ජාවාරම්කරුවන්ගේ නිවසට ගංජා මිලදී ගැනීමට පැමිණි තරුණ පිරිසක් පිළිබඳව පොලිසියට කළ දැණුම් දීමට කෝප වී මෙසේ මෙම පුද්ගලයාට පහර දී ඇති බව පොලිසිය පැවසීය.
පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ හිසට පොලු පහරක් එල්ල කර ඇති අතර ශරීරය පුරා තැලීම් තුවාල දක්නට ලැබෙන බව පුත්තලම මූලික රෝහලේ රෝහල් අධ්‍යක්ෂක සුමිත් අත්තනායක මහතා පැවසීය.
මෙම පහර දීමට විරෝධය දක්වමින් කන්දතොඩුවාව ගම්මානයේ පිරිසක් ජාවාරම්කරුවන්ගේ නිවස ඉදිරිපිටදී අද (25) විරෝධතාවයකද නිරත වූහ.
ජාවාරම්කරුවන් ප්‍රදේශයේ ජනතාවට පීඩාවන ලෙස ගංජා ජාවාරම පවත්වාගෙන යන බවත් ඒ පිළිබඳව අවස්ථා ගනණාවකදී පොලිසියට පැමිණිලි කර ඇති බවත් ප්‍රදේශවාසීහු එහිදී පැවසූහ.