ප්‍රසාද් මුතුකුඩ
මත්තල ගුවන් තොටුපොළ කිසිදු රටකට විකිණීමට ගුවන්තොටුපොළ වෘත්තීය සංගම් ඉඩ නොතබන බව ජනාධිපතිගේ හිටපු වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලේස්ලි දේවේන්ද්‍ර මහතා (08) දින කටුනායක ගුවන්තොටුපලේදි කීවේය.
ඒ මහතා මෙසේ කීවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ශ්‍රිලංකා නිදහස් සේවක වෘත්තීය සංගම් කාර්යාලයෙදි පැවැති සේවකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකදීය .
ලේස්ලි දේවේන්ද්‍ර මහතා මෙලෙසද කීය.
‘‘ අද වන විට යහපාලන රජය මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට විකිණීමට සැලැස්ම හදලා අවසන් මෙරට සිවිල් ගුවන්සේවා පනතේ 2010 අංක 10 දරණ වගන්ති ප්‍රකාර මත්තල ගුවන්තොටුපොළ කිසිදු රටකට විකිණීම ව්‍යාවස්ථා විරෝධි කටයුත්තක්. මත්තල ගුවන්තොටුපොළ විකිණීම සමඟ රටේ ජාතික ආරක්ෂාව පිළිබදව ඉතා දරණු තර්ජනකාරි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනවා.‘‘