(එච්. එම්. ධර්මපාල)
බන්ධනගාරයේ සිටින ප්‍රධාන පෙලේ හෙරොයින් ජාවාරම්කරුවකු සමඟ ජංගම දුරකථන ඔස්සේ මත්කුඩු බෙදාහැරීමේ නියෝජිතයකු ලෙස කටයුතු කළ ව්‍යාපාරිකයෙකු හෙරොයින් මිලි ග්‍රෑම් 50,000ක් සමඟ රාගමදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ දිසා දූෂණ මර්ධන ඒකකය පවසයි.
සැකකරු ළඟ තිබී හමුවූ මෙම මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 27කට ආසන්න බව පොලිසිය පවසයි.
සැකකරු බන්ධනාගාරයෙන් ලැබෙන දුරකථන ඇමතුම් අනුව යක්කල, කඳාන, මහබාගේ සහ රාගම යන ප්‍රදේශවල මත්කුඩු බෙදාහැරීමේ කටයුතු මෙහෙයවූ බවත්, මෙම ජාවාරම දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවත් පොලිසිය කියයි.
සැකකරු රාගම පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.