(ඩබ් ඒ පියතිලක)
මුහුණ පොත හරහා සංවිධානය කරගත් සාදයකට මාදුරුඔය ප්‍රදේශයේ හෝටලයකට ගමන් කරමින් සිටි තරුණයින් 16 දෙනෙකු අද (22) අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි.
අත්අඩංගුවට ගත් තරුණයන් සන්තකයේ තිබී මත්දුව්‍ය අඩංගු දිවේ අලවා ගැනීමට හැකි මුද්දර 33ක්, ගංජා ග්‍රෑම් 17ක්, හෑස් මත්ද්‍රව්‍ය අඩංගු සුරුට්ටු 11ක් , සංගීත උපකරණ, වෑන් රථයක් , කැබ් රථයක් සහ යතුරු පැදියක් පොලිස් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් පුද්ගලයින් අම්පාර, මහනුවර,පොලොන්නරුව,බැදිවැව සහ සෙවනපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මුහුණ පොතේ මිතුරන් සංවිධානය කරන ලද මත් සාදයක් පැවැත්වීමට රැගෙන මාදුරුඔය ප්‍රදේශයේ හෝටලයකට ගමන් කරමින් සිටින බවට ලද තොරතුරක් මත අරලගංවිල දී මෙම පිරිස සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව වැටලීම සිදු කළ වැටලිම් ඒකකය පවසයි.