මත් කුඩු අලෙවි කළ තිදෙනෙක් පොලිස් දැලේ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල )
 
විද්‍යුත් ක්‍රමයකට හෙරොයින් මත්කුඩු බෙදාහරින එකම පවුලේ මවක,පුතෙකු සහ බෑනා කෙනෙකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.
 
එම සැකකරුවන් සමඟ හෙරොයින් මත්කුඩු පැකට් 26 ක් , මත්කුඩු කිරීමට උපයෝගි කර ගන්නා තරාදියක් , මත්කුඩු බෙදාහැරීමට යොදා ගත් යතුරුපැදියක්  හා ජංගම දුරකතන දෙකක් පොලිස් බාරයට ගෙන ඇත.
 
කාන්තාවක හා තරුණයකු යතුරුපැදියෙන් යමින් හෙරොයින් මත්කුඩු ජාවාරම සිදු කරන බවට ඉංගිරිය පොලිසිය සඳහන් කරයි.