නිශාන්ත කුමාර
නායයාමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් සිය නිවාස හැර ගොස් තාවකාලික කඳවුරුවල පදිංචිව සිටි මඩොල්සිම දෙහිගල වතුයායේ ජනතාව අද (30) උදෑසන සිට යළි සිය නිවෙස්වල පදිංචියට පැමිණෙමින් සිටින බව මඩොල්සිම පොලිසිය පවසයි.
වර්ෂාව අඩු වීමත් සමඟම ප්‍රදේශය තුළ පැවති නායයාමේ අවදානම් තත්ත්වය මේ වන විට පහව ගොස් ඇතැයි ද පොලීසිය පවසයි.
බිබිල ප්‍රාදේශීය ලේකම්වරයා, සහ මඩොල්සිම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් එහි ගොස් ප්‍රදේශයේ තත්වය පරීක්ෂා කිරීමෙන් පසුව නිවාස හැරගොස් සිටි ජනතාවට යළි සිය නිවෙස් කරා යාමට අවසර දී තිබේ.
ප්‍රදේශයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ දෙහිගල වතුයායේ නිවාස වලට ඉහළින් පිහිටි කඳු වැටියේ ගල් කුට්ටි හා පස් කොටස් කඩා වැටීමේ අවදානමක් ඇතිවිය.
ඒ හේතුවෙන් ඉකුත් 27 වැනි දා එම ප්‍රදේශයේ පවුල් 20 ක සාමාජිකයින් 128 දෙනෙකු පමණ ඔවුන් පදිංචි නිවෙස් වලින් ඉවත් කර රෝබේරිය ප්‍රදේශයේ දේවස්ථානයක තාවකාලිකව නතර කරනු ලැබිණි.