(ඡායාරූප - ඩබ්. ඒ. පියතිලක)
(ඩබ්. ඒ. පියතිලක සහ ක.ග.කරුණාරත්න)
භාෂණයේ නිදහස ඉල්ලා සමගි ජන බල වේගයේ ආධාරකරුවෝ පිරිසක් පොළොන්නරුව කඳුරුවෙල දුම්රිය නැවතුම්පොළ අසල අද(25) විරෝධතාවයක නියැලිණි.
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් එම මන්ත්‍රීවරයාට මේ වන විට තර්ජන රැසක් මතු වී ඇති බවත්, දුෂණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬක් නැගූ හිටපු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව සිව් වසරකට බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කර රංජන් රාමනායක මහතාගේ ප්‍රජා අයිතියද අහෝසි කිරීමට වත්මන් රජය විසින් කටයුතු කර ඇති බවත්, නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිවත් විරෝධයට පැමිණි සමගි ජන බල වේගයේ පොළොන්නරු දිස්ත්‍රික් ආසනයේ සංවිධායක සමගි ජන බලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කින්ස් නෙල්සන් මහතා චෝදනා කළේය.
සමගි ජන බලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා විසින් මෙම විරෝධතාවය සංවිධානය කරන ලදී.
(ඡායාරූප - ක.ග. කරුණාරත්න)