(කග කරුණාරත්න)
මින්නේරිය පොලිස් වසමට අයත් ගල්ඔය හතරැස්කොටුව ප්‍රදේශයේ දී නීතිවිරෝධී ලෙස බෝර 12 පතරොම් තුවක්කුවක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අද (28) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
විශේෂ බළකායට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී නීතිවිරෝධි ගිනි අවිය සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ එම ගිනිඅවිය වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ බීට්ටු වන නිලධාරියකුට අයත් රාජකාරී ගිනි අවියක් බවයි.
ගල්ඔය ප්‍රදේශයේ රාජකාරී කරන බීට්ටු වන නිලධාරියා මැදිරිගිරිය,දිවුලන්කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව අනාවරණය වී තිබේ.
එම පුද්ගලයා තම රාජකාරී ගිනි අවිය වෙනත් පිටස්තර පුද්ගලයකු අතට පත්කලේ කුමන කාරණයක් නිසාද යන්න සොයා බලන බව පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.