බෝර 12 තුවක්කුවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට


(පද්මා කුමාරී කංකානම්ගේ )
 
විදේශයේ  නිෂ්පාදිත වෛකාල් වර්ගයේ අංකය විකෘති කරන ලද බෝර 12 තුවක්කුවක්,ජීව, රබර්,සහ ඊයම් පතොරම්,විවිධ දිගින් යුතු පිහි සහ කෙටේරියක් ඇතුළු සංචාරක පක්ෂිකුගේ අගල් 12ක් දිග හොටක්, ශරීර කොටස් තමා සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයකු, කල්පිටිය පුදුකුඩිරිප්පුව නිවසකින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


මේ සමඟ කල්පිටි අර්ධදීපයට කලකට පැමිණෙන සංචාරක පක්ෂීන් සහ විල්පත්තු අභය භූමිය ආශ්‍රිත වන සතුන් ඝාතනය කර ඉහළ මිල ගණන් වලට සංචාරක හෝටල් සඳහා අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ.


අත් අඩංගුවට ගත් භාණ්ඩ අතර විදේශීය පතුරම් 24,ජීව පතුරම් 4ක්,ඊයම් බෝල පතුරම් 7ක්,සහ රබර් විල්ලු 7ක් ද වේ. හිස් පතුරම් කොපු 42 ක්,වෙඩි සැකසීම සඳහා ගන්නා ඊයම් ග්‍රෑම් 46 ක්,විවිධ දිගින් යුතු පිහි පහක් සහ තිඋණු කෙටේරියක් ද වේ.


සැකකරු සහ නඩු භාණ්ඩ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.