(දිලීප් ජයසේකර)
විකිණීමට සුදානම් කර තිබු විදෙස් රටක නිශ්පාධිත බෝර දොළහේ ගිණි අවියක් සමඟ සැකකරුවෙකු සෙල්ල කතරගම ඩෝසර් වැව අසලදී තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අද (19) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගාමිණීපුර, කතරගම පදිංචි අයෙකි.
සැකකරු විදෙස් රටක නිශ්පාධිත බෝර දොළහ වර්ගයේ 881901 අංක දරණ ගිනි අවිය රුපියල් දසදහසක මුදලකට අලෙවි කිරීමට සුදානම් කර ඇති බවට තංගල්ල කොට්ඨාශභාර පොලිස් අධිකාරී ලක්සිරි ගිතාල් මහතාට ලැබුණු පෞද්ගලික ඔත්තුවකට අනුව සැකකරු අත්අඩංගුවට ගනීමට පියවර ගැණුනි.
පොලිස් උපාය දුතයකු මාර්ගයෙන් සැකකරු සමග ගිණි අවිය අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්ණ කිරිම් සදහා සහ වැඩි දුර විමර්ෂන කටයුතු සදහා කතරගම පොලිසියට බාරදී තිබේ.