(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව පුලියන්කුලම පූතූර් කෝවිල ප‍්‍රදේශයේ දී අතුරුමාර්ගයක බෝම්බ සහිත බෑගයක් දමා පලා ගිය සැකකරු සමඟ සෘජු සම්බන්ධතා පැවත්වූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.
අදාළ සැකකරුවන් වව්නියාව නගරයෙන් හා අනෙක් සැකකරු පූවර්සන්කුලම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් ද වව්නියාව අධිකරණයට ඉදිරිපත් කර පැය 72 ක රඳවාගෙන ප්‍රශ්න කිරීම් නියෝග යටතේ ප්‍රශ්න කිරීමට පුලියන්කුලම් පොලීසිය පියවර ගෙන ඇත.
මීට පෙරද බෝම්බ බෑගය දමා ගිය ප්‍රධාන සැකකරුට උදව් කරන ලද සැකකරුවන් තිදෙනෙකු පුලියන්කුලම් පොලීසිය විසින් ද තවත් එක් සැකකරුවෙකු වව්නියාව පොලිස් කොට්ඨාස නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකය විසින් ද අත්අඩංගුවට ගනු ලැබිණි.
සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව පුලියන්කුලම් පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට මුළු සකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටියි.