බෝපත්තලාව කඳුවැටියේ ගින්නක්


(රංජිත් රාජපක්ෂ )                       

 
බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපලේ බටහිර මායිමේ පිහිටි ආගරපතන බෝපත්තලාව කඳුවැටියේ අද (24) හටගත් ගින්නක් සීඝ්‍රයෙන් කඳුවැටිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
 
ගින්න බෝපත්තලාව රක්ෂිතය දෙසට  පැතිරෙමින් පවතී.
 
එම කඳුවැටියෙන් ගලා බසින ජල මුලාශ්‍ර කිහිපයක් හරස් කරමින් බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු ගණනාවකට පානීය ජලය ද ලබාගනී.
 
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් රක්ෂිතවලට ගිනි තැබීම් සිදු කරන අතර මෙම ගින්න එම පිරිසකගේ ක්‍රියාවක් වන්නට ඇතැයි සැක කෙරේ.
 
ගින්න  මැඩ පැවැත්විමට කිසිවෙක් ඉදිරිපත් වී නොමැත.