බෝට්ටුව පෙරැළෙයි : ධීවරයෝ දෙදෙනා දිවි බේරාගනිති


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

මාලු ඇල්ලීමට මුහුදු ගොස් නැවත පැමිණෙමින් සිටි බෝට්ටුවක් පෙරැළීමෙන් බෝට්ටුවේ එල්ලී සිටි ධීවරයන් දෙදෙනා බේරාගැනීමට හැකි වූ බව කළුතර උතුර පොලිසිය පවසයි.

එම ධීවරයන් දෙදෙනා  ප්‍රතිකාර සඳහා 1990  සුවසැරිය ගිලන් රථයෙන්  කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.