රොමේෂ් මධුෂංඛ
යුද්ධයෙන් පසුව නැවත පදිංචියට පැමිණි වව්නියාව බෝගස්වැව කලාපය ප්‍රදේශයට අයත් කුඹුරු සාමාන්‍ය ගොවීන්ට ගොවිතැන් කිරීමට ලබාදෙන ලෙස ඉල්ලා විශාල ගොවීහු පිරිසකගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් පැවැත්විණි.
බෝගස්වැව ගොවි අයිතීන් දිනාගැනීමේ සංවිධානය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ අතර මේ සඳහා නන්දමිත්‍රගම,සැලලිහිණිගම, නාමල්ගම, බෝගස්වැව 02, බෝගස්වැව සහ වෙහෙරගම ගොවි ජනතාව විශාල ප්‍රමාණයක් රැස්ව සිටියහ.
උද්ඝෝෂණ අවස්ථාව සඳහා සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ද සහභාගී වූ අතර උද්ඝෝෂණය නන්දිමිත්‍රගම රඹවෙට්ටිකුලම් වැව ඉදිරිපිට පිහිටි ගොවිපළ ඉදිරියේ දී පැවත්විණි.
උද්ඝෝෂණයේ නිරතවූවන් වැඩි දුරටත් මෙසේ පැවසීය.
යුද්දෙන් පසුව නැවත පදිංචියට පැමිණි කිසිවෙකුටත් මේ වන විට ආහාරයට අවශ්‍ය ගොවිතැන් කිරීමට කිසිදු කුඹුරක් නොමැති අතරම අවස්ථා කිහිපයකදීම රඹවෙට්ටිකුලම් වැව යටතේ ඇති අක්කර 250 කට අධික භූමි භාගයක පිහිටි කුඹුරු යාය ප්‍රදේශයේ ගොවි ජනතාවට ගොවිතැන් කිරීමට ලබාදෙන මෙන් ඉල්ලා සිටියද මේ දක්වා එයට විසඳුමක් නොලැබුණු බවටත් මේ වන විට අදාළ ගොවිපල සිවිල් ආරක්ෂක බළකාය විසින් පරිහරණය කරන නිසාවෙන් එම කුඹුරුයාය ගොවි ජනතාවට ලබා දෙන ලෙසටයි.