බෝංචි වගාවක ගංජා වගා කළ අයෙක් අත්අඩංගුවට


(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

උඩුපුස්සැල්ලාව ගල්කඩපතන ගම්මානයේ බෝංචි කොටුවක් මැද ගංජා වගාවක් කළ 40 හැවිරිදි පුද්ගලයෙකු අද (15)  අත්අඩංගුවට ගත් බව උඩුපුස්සැල්ලාව පොලිසිය කීය.

සැකකරු බෝංචි වගාව මැද අඩි දෙකක් පමණ උස ගංජා පැල 10 ක් පමණ වගාකර තිබූ බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (16) වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව පොලිසිය පැවැසීය.