(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල නගර සභාවේ අද(10) පැවති නගර සභා රැස්වීමේදී උප සභාපතිවරයා හා නාගරික මන්ත්‍රීවරයකු අතර ඇති වූ කලහකාරී තත්ත්වය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් එම සභා රැස්වීම අතරමග නතර කෙරිණි.
සභා රැස්වීම පෙරවරු 10.00ට ආරම්භ කෙරිණි.
පස්වරු 12.30ට පමණ බේරුවල නගර සභාවේ උපසභාපති එම්.ආර්.එම් මුනාවර් (ස්වාධීන) මහතා හා නාගරික මන්ත්‍රී පී.එම්.එම්.උස්මාන්(එ.ජා.ප) මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ආරම්භ විය.
මෙය ගුටිබැට තත්ත්වයක් දක්වා වර්ධනය වීමෙන් එහි උණුසුම් තත්ත්වයක් උද්ගත විය. නගර සභාවේ පැවති ජල වීදුරුවලට ද මේ හේතුවෙන් හානි සිදුවිය.
සෙසු නාගරික මන්ත්‍රීවරු ද මෙම තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළහ. මේ හේතුවෙන් සභා කටයුතු අතරමග නතරකිරීමට සභාපතිවරයාට සිදුවිය.




