බෙලිඅත්ත දිනපතා පොළ වෙනත් ස්ථානයකට ගෙන යනවාට විරෝධය


( චන්ද්‍ර සේන ගමගේ)


වසර සිය ගණනක් පැරණි හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන පොදු වෙළදපොළක් වන බෙලිඅත්ත දිනපතා පොළ බෙලිඅත්ත හත් බෝධිය ප්‍රදේශයට ගෙන යාමට උත්සාහ කරන බවට චෝදනා කරමින් බෙලිඅත්ත පොදු වෙළද පොලේ ව්‍යාපාරිකයෝ අද (05) දහවල් විරෝධයක යෙදුනහ.


පොදු වෙළදපොළෙන් පටන් ගත් විරෝධය බෙලිඅත්ත බස්නැවතුම දක්වා පැමිණ එහිදී විරෝධය පළකළ උද්ඝෝෂකයෝ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී ප්‍රාදේශීය සභා වේ සභාපතිවරයාගේ අනුරුවකටද ගිණි තැබූහ.


මෙම විරෝධයට සහයෝගය දෙමින් බෙලිඅත්ත නගරයේ පිහිටි වෙළද සැල් විරෝධය අතර තුරදී වසා තැබුණු අතර නගරය පුරා කලු කොඩි ඔසවා තිබිණි.


බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ උවමනාවට මෙම ක්‍රියාව සිදු වන බව ඔවුහු චෝදනා කරති.