බෙන්තොට පාලම අසලදී සියලු වාහන දැඩි පරීක්ෂාවට


(තුසිත කුමාර ද සිල්වා)

අන්තර් පළාත් අතර සංචරණ සීමා පනවා තිබෙන දකුණු හා බස්නාහිර වෙන්කෙරෙන අලුත්ගම බෙන්තොට පාලම අසල දිස්ත්‍රික් මායිමේ අද  අලුයම් කාලයේ සිට ඒ හරහා ගමන් ගන්නා රථ වාහන, යතුරු පැදි පාපැදි ඇතුළු පාගමනින් පැමිණෙන අයවලුන් දැන් පරීක්ෂාවට ලක්කර අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පිරිස් වෙත ගමන් කිරීමට අවසර ලබාදෙන බව පොලිසිය කියයි .

මේ හේතුවෙන් සාමාන්‍ය දිනයක මෙන් අලුත්ගම සහ බෙන්තොට නගරවලට පැමිණෙනජනතාවගේ අඩුවක්ද දැක ගැනීමට හැකි විය .