බූරුවා ගැසූ 11ක් අත්අඩංගුවට


 

(නුවන් කුමාර)

නිරෝධායන නීති උල්ලංගණය කරමින් මුදලට ඔට්ටු ඇල්ලීමේ සුදුවේ නිරත වු පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව රාජාංගණය පොලීසිය කියයි.

රාජාංගණය යාය 9 හා 15 යන  ප්‍රදේශ දෙකක ස්ථාන දෙකකදී මෙම පිරිස   අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

කලක පටන් මෙම ස්ථාන දෙකේ මෙම නිතී විරෝධි ක්‍රියාව සිදුකරගෙන ගොස් ඇති අතර මුදලට සුදු කෙලීමට අමතරව විවිධ භාණ්ඩ වර්ග  අධික පොලියට උගසට ගැනීම මෙන්ම මත්පැන් අළෙවියද සිදුවන බව පොලීසිය සදහන් කළේය.

නිරෝධායන නීති උල්ලංගණය කරමින්  මුදලට ඔට්ටු ඇල්ලීමේ චෝදනාව යටතේ මෙම පිරිසට ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවද පොලීසිය සදහන් කළේය.