බුරුත දැව ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට



රොමේෂ් මධුෂංඛ
 
මල්ලාවි ප්‍රදේශයේ සිට යාපනය දක්වා බුරුත දැව කඳන් තොගයක් ටිපර් රථයකින්  ප්‍රවාහනය කළ සැකකරුවෙකු කිලිනොච්චිය පූනකරි සුංගපිට්ටි පාලම ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව පූනකරී පොලීසිය කියයි.


පොලීසිය පැවසූවේ සිදුකළ හදිසි ‍සෝදිසි කිරීමේදී ටිපර් රථයක් තුළ සඟවා බුරුත දැව ප්‍රවාහනය කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවු බවයි.


සැකකරු මෙටල් ගල් ප්‍රවාහනය කරන මුවාවෙන් බුරුත දැව කඳන් පටවා ඊට උඩින් කළු ගල් යොදා ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.


පොලිසිය පැවසූවේ රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා බුරුත දැව කඳන් ‍තොගයක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරු හා බුරුත දැව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.